මෙම සටහන ලියන්නට සිතුනේ මහගෙදර රැඩිකල්වාදියෙකු වන එක්තරා සාමාජිකයෙක් විසින් ලියන ලද කවියක්. සම්මතයෙන් ඔබ්බට ගොස් කරන ලද නිර්මාණයක් නිසා ඔහු වාග් ප්‍රහාරයකට ලක්විය. මෙතනින්
http://www.elakiri.com/forum/showthread.php?t=118546 ඔයගොල්ලොන්ට එය බලාගත හැකියි. මෙයට හේතුව කුමක් විය හැකිද? අවකාශයේ කතා කල පරිදි නිර්මාණකරුවා රැල්ලෙන් මිදුණු නිදහස් නිර්මාණයක් කිරීමට ගොස් “වැඩේ අනා ගැනීම” ට හොදම උදාහරණයකි මෙය.
විප්ලවකාරී වී බෙල්ල කපා ගැනීම හෝ තමන්ගේ අදහස් තමා වෙතම තබා ගෙන ජීවත්වීම යන දෙකින් තේරීමක් කිරීම ඔබට බාරයි.
පසුවදන:
විප්ලවකාරීන් ගැන කියනකොටයි මතක් වුනේ “rang de basanti” නම් චිත්‍රපටිය. බැලිය යුතු විශිශ්ට ගනයේ නිර්මාණයකි මෙය.

විප්ලවයට අරමුණක් තිබිය යුතුයි..අන්න ඒ අරමුණ ඇතුලෙ බෙල්ල කපා ගන්න එක සිම්පල් වැඩක් විය යුතුයි. එහෙම නැත්නම් ඒ අයට විප්ලවකාරීන් වෙන්න බැහැ.
මමත් ආසයි විප්ලවයට. නමුත් මම දැන් ඉන්නෙ ඒකෙ වෙනම අවධියක. මගේ ඇතුලෙ විප්ලවය ජය ගන්න එක තමයි දැන්නම් මගේ අධිෂ්ඨානය.
මෙතන වෙන්නෙ අපි කතා කලා වගේ නිර්මාණ කරුවා සහ ප්‍රේක්ෂකයා අතර ගණුදෙනුවක්. විදීම් සාපේක්ෂ නිසා ප්‍රේක්ෂකයා නිර්මාණය බලන කණ්නඩියෙ පාට අනුව ඒ ගණුදෙනුව දිග්ගැස්සෙන්න ඉඩ තියනව.
හම්මෝ… ඹය කථාව වෙන වෙලේ මමත් එතන හිටියා…නමුත් අදාල දෙපාර්ශවය සමගම වාදයට යන්න මගේ තියන අකමැත්ත නිසා මම පැත්තකට වෙලා එක අදහසකින් සියල්ල කියලා නිකා හිටියා…. නිර්මාණයක් නිර්මාණයක් විදියටත් තව කෙනෙක් කියන දෙයක් තමන් දකින රාමුවෙන් එළියට ගිහින් බලන්න අකමැති වීමත් නිසා ඔය වගේ දේවල් සාමාන්‍යයි අප්පා
පව් අප්පා මෙයා.. ඇත්තම කිව්වොත් මේ අවදිය හරිම විපරිතයි. තර්ක කිරීම කියන දේ දන්න කෙනාට ඕන තරම් ආයුධ තියෙනවා පහර දෙන්න. මතයක් පැහැදිලි කරන්න හරි විධියෙ උදාහරණ ගන්න ගියාම නාන්නයි වෙන්නේ. තේරුමක් නැතිව. බෝ කිව්ව වගේ තමන් තුල විප්ලවය කරගෙන පාඩුවෙ හිටියම ඉවරයි.
වතාවක් අපි කතා කලා වගේ බුදුන් සහ ජේසුන්ට වෙනස් කරන්න බැරි වුණ ලෝකෙක අපි මොනා කරන්නද?
ජේසුතුමන් සහ බුදුන් වහන්සේ යන දෙදෙනාම ඔවුන්ගේ යුගයේ රැඩිකල්වාදීන්. මෙම දෙදෙනා සහ අනෙකුත් ශාස්තෘවරුන් සියල්ලෝම එකල පැවති සමාජ සම්මතයට එරෙහි වී එය වෙනස් කරපු අය. මොවුන් තමා තුල විප්ලවයක් ඇතිකරගෙන ඉන්පසුව සමාජයේ විප්ලවීය වෙනසක් කරපු අය. මොවුන් සැලකිය යුතු ප්‍රමාණයකින් සාර්තක වූ බව අප අමතක නොකල යුතුයි.
සමාජය වෙනස් කිරීමට මොවුන් ඉදිරිපත් නොවුනානම් අද ලෝකය කෙබදු වේද? නමුත් සවන්දීමට සුදුසු පුද්ගලයන් සිටීනම් පමනක් ය එය කල යුත්තේ. සිදුහත් කුමරා ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලුවේත් මේ නිසානෙ.
මම නම් සාමාන්‍යයෙන් ඔය පස්මහ බැලුම් බැලුව කියන කතාව විශ්වාස කරන්නෙ නැහැ…
මම හිතන විදිහට ජේසු තුමන් හා බුදුන් යන දෙදෙනා රැඩිකල්වාදී උනානම් උනේ ඒ අය තමන් තුළ විප්ලවය ජයගත් නිසාවෙන්. නමුත් දෙදෙනාට ගැටෙන්න උනේ සමාජ තත්ත්වයන් දෙකක් සමග.
නමුත් විප්ලවය මාර්කට් වීම තුල විප්ලවය යන්න හුදෙක් වචන සහ සන්ඛේත සෙට් එකකට සීමා වෙලා තියනවා. ඉතින් හුගක් විප්ලවකාරීන් සමාජය එක්ක ගැටෙන්න යන්නෙ තමාතුල සිටින සතුරාව විනාශ නොකරමයි. එතනදී ඉතින් එයාල පවු.
තමන් තුලින් විප්ලවය ජය ගත්තත් අනුන් තමාට සවන් දීමට පෙලඹෙන්නේ නැතිනම් එතන්දී සමාජය ගැන සිතීමට ගොස් බෙල්ල කපා ගැනීමට වඩා කට පියාගෙන සිටීම වඩාත් සුදුසුයි නේද?
එතකොට ආපහු මේක දිවෙන්නෙ අරමුණු කරා. කෙසේ වෙතත් තමන් මොනම සත්‍යවාදී මාර්ගයක් සොයාගත්තත් ඒ මාර්ගය බලෙන් සමාජයට එන්නත් කරන්න හදන එකට මම එකඟ නැහැ. තමුන් ජයගත් විප්ලවය ගෙනහැර දැක්වීම පමණයි කළයුත්තේ,මාර්ගය පෙන්වාදීම පමණයි. ගැලවීම අති පුද්ගලික දෙයක් බලෙන් Brain wash දැමීම එතනදී සාර්ථක නැහැ කියන එකයි මගේ හැඟීම.
කෙනෙක් අපි පෙන්වන මාර්ගයේ යාම හෝ නොයාම ඒ පුද්ගලයා සතු දෙයක්. එහෙම නොයනවනම් අපි කට පියන් ඉන්න එක තමයි හරි. බුදු හාමුදුරුවො සමාජය ගැන මහා කරුණාවෙන් හිටි පළියට එතුමන් බලෙන් තම දර්ශනය පතුරවන්න ගියේ නැහැ නේද?
ඔව් ඔව් ඒක තමා මාත් කිව්වෙ. හැබැයි තමන්ගේ අදහස අසන්නාට ග්‍රහණය කරගත නොහැකි වේ යයි හැගේ නම් එතනදීත් මුනිවත රැකගෙන සිටීම වඩාත් සුදුසුයි කියලයි මමනම් හිතන්නෙ. ( මිහිදු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට බණ කියන්නට පෙර ප්‍රශ්න අසා බැලුවා සේ. රජතුමා නිවැරදි පිලිතුරු දීමට අසමත් වුනා නම් මිහිදු මහරහතන් වහන්සේ ආපසු හැරී යනු ඇත )
very interesting posts…